Tamil-Sri LankaSinhala (Sri Lanka)

Sahithya Kala Mangalya

 

සාහිත්‍ය කලා මංගල්‍යය - 2013 

 

2013 වර්ෂයේ සාහිත්‍ය කලා මංගල්‍යය මෙවරත් උත්කර්ෂවත් අන්දමින් දන්කොටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය පරිශ්‍රයේදී නොවැම්බර් මස 08, 09 යන දෙදින තුල සංවිධානය කර තිබුණි. මෙවර පැවැත්වූ සුවිශේෂී වැඩසටහන් අතර, මහාචාර්ය සරත් විජේසූරිය මහතාගේ විශේෂ සාහිත්‍ය දේශනය සහ ප්‍රවීණ ගීත රචක රත්න ශ්‍රී විජේසිංහ මහතාගේ හා අනෙකුත් සංගීත ශිල්පීන්ගේ ගී රස වින්දන වැඩසටහන එක්වී තිබුණි. පාසැල් සිසුන් ඇතුළු විශාල ජනකායක් මේ සඳහා එක්වී සිටියහ. ප්‍රධාන උත්සවය හැරුණු විට තවත් එක් සුවිශේෂී වැඩසටහනක් වූයේ කොට්ඨාශය තුළ වසර විස්සක සේවා කාලය සම්පූර්ණ කරන ලද කතෝලික හා බෞද්ධ ගුරු භවතුන් වෙත උපහාර පිරි නැමීමයි. දහම් පාසැල් සිසු දරු දැරියන් හැරුණු විට ප්‍රදේශයේ ජනතාව සමඟ බෞද්ධ හා කතෝලික ආගමික නායකයින් රාශියක් මේ සඳහා සහභාගී විය.

 

දෙදින තුල වඩාත් විචිත්‍ර වූයේ රාත්‍රියේ පැවති වැඩසටහන්ය. ඒ අනුව අට වන දින (08) පැවති සංස්කෘතික සන්දර්ශනය සඳහා කොට්ඨාශයේ රංගන ශිල්පීන් 150 පමණ සහභාගී වූ අතර ඒ සඳහා අති විශාල ප්‍රේක්ෂක සහභාගීත්වයක්ද පැවතිණි. නම වන දින (09) පැවති “කරළියෙන් ඇසෙන ගී” වැඩසටහන සඳහා ජයලත් මනෝරත්න, නිශ්ශංක දිද්දෙණිය, අනුලා බුලත්සිංහල, රත්නා ලාලනී, ෆර්නි රෝෂිණී , ගාමිණි අම්බලන්ගොඩ ඇතුළු ප්‍රවීණ ශිල්පීන් රැසක් සහභාගී විය. නූර්ති, නාඩගම් හා නව නාට්‍ය ගීත රාශියක් ඊට අදාල රංගනයන්ද සමඟ ඉදිරිපත් කල අතර නොමිළේ පැවැත් වූ මෙම ප්‍රසංගය සඳහා දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂක පිරිසක‍ගේ සහභාගීත්වය ලැබී තිබිණි. මීට අමතරව දෙදින පුරා මධ්‍යම සංස්කෘතික අරමුදල, ජාතික ශිල්ප සභාව, ජනකලා කේන්ද්‍රය, අඅධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ හා පොත් ප්‍රකාශකයින්ගේ ප්‍රදර්ශන කුටි රැසක්ද සංවිධානය කර තිබුණි.

 

 

 

 

 

 
News and Events
  • Sahithya Kala Mangalya
    12/11/2013
    Sahithya Kala Mangalya  සාහිත්‍ය කලා මංගල්‍යය - 2013    2013 වර්ෂයේ සාහිත්‍ය කලා මංගල්‍යය මෙවරත්.....
Events